හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ.........
නිමා වී යයි මේ වසන්තේ
යළිත් නොම ඒ කිසි දිනේ
ගිණිකඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආ...දරේ
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන්වුනා //
තුෂර පින්නේ පැතුම් කෝවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ //
එදා මතකය සිතේ අහුරා//
කාටවත් නොපෙනී අඳුරේ
ඉකි බිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන්වුනා //
සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ //
ඈත මීදුම් අතර සඟවා //
යන්න ප්රිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභපැතුම්
හද තුටින් යනු මැනේ............////